ජලය අපේ ජීවයයි | සිළුමිණ

ජලය අපේ ජීවයයි

ජලය අපට ස්වභාවධර්මයෙන් ලැබුණු මහඟු සම්පතකි. ජලය නොමැති වුවහොත් අපට ජීවත් වීමට නොහැකි තරම්ය. අපට පමණක් නොව සතුන්ට ද ජලය ඉතා වැදගත් වෙයි. ජලය නොමැති ප්‍රදේශයක් කාන්තාරයක් වැනිය. බීමට, නෑමට, රෙදි සේදීමට මෙන්ම විදුලිය උත්පාදනය වැනි කාර්යයන් සඳහා ද ජලය උපයෝගි කර ගත හැකිය. වගා කටයුතු සඳහා ද ජලය අපට ප්‍රයෝජනවත් වෙයි. ගස් වැල්වලින් ආහාර නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රධාන සාධකයකට නිදසුනක් ලෙස ද ජලය ගත හැකිය. අපට මෙතරම් උපකාරි වන ජලය අප මහත් සේ රැකගත යුතුය.

“අහසින් වැටෙන එක ජල බිඳක්වත් මහ ජනයාගේ ප්‍රයෝජනයට නොගෙන මහ මුහුදට ගලා යෑමට ඉඩ නොදෙනු” යැයි උතුම් කියමනක් පරාක්‍රමබාහු රජු විසින් ප්‍රකාශ කර තිබේ. මේ උතුම් කියමන් හිතට ගෙන අපි ජල සම්පත සුරකිමු. මෙතරම් අපට ප්‍රයෝජනවත් වන ජලය අපේ ජීවය මෙන් සුරකිමු.

 

ඩී. නිෂාදි සංජනා

8 ශ්‍රේණිය - සී

ආනන්ද බාලිකා ජාතික පාසල

හිඟුරක්ගොඩ

Comments