මගේ විදුහල මගේ මවයි | සිළුමිණ

මගේ විදුහල මගේ මවයි

ලක පුරා පිළිරැව් දිදී 
සබරගමුවේ කෑගලු පුරවරයේ 
දිදුලනා සිප් මාතාව 
ඩඩ්ලි සේනානායක මැදි විදුහල 
සිප්හලට පිය තැබූ 
පළමු දින දැනුණි වෙනසක් 
කිසිදාක නොදැනුණ 
තුරු ලතා මල් පිරුණු 
රමණීය පරිසරය 
අඳුර දුරු කර එළිය වීමට 
පොවා සිප් කිරි සැමදෙනාටම 
තාක්ෂණයෙන් හෙබි අනාගතයට 
නොබියව පා තැබීමට හැකි 
දොරටුව විවර කර දෙන්නේ 
අපේ සේනානායක පාසල් මැණියෝ

ඩී.කේ. කවිත්‍රි දිමාෂා අමරසිංහ 
9 ශ්‍රේණිය ‘ටී’ 
ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය 
‍තෝලංගමුව

Comments