කාගෙද මේ බලේ බලේ ගැහැනු අපේ බලේ ‍බලේ | Page 4 | සිළුමිණ

කාගෙද මේ බලේ බලේ ගැහැනු අපේ බලේ ‍බලේ

ස්ත්‍රී පුරුෂ සමා­නා­ත්ම­තාව ගැන අද ලොව කොතැ­නත් කතා කරති. බොහෝ තැනක ඒ නමට පම­ණය. එහෙත් තව­මත් දියු­ණු­වක් දැක­වත් නැති මේ දූප­ත්වා­සිහු ගැහැ­නුන්ට පම­ණක් නොව ගැහැනු බවට පත්වූ පිරි­මි­න්ටද දෙන්නේ ඉහ­ළම තැනකි.

ගුනා යාලා, පැන­මා­වෙහි පිහිටි පළා­තකි. මේ පළා­තට අයත් දූපත් 300යෙන් 49කම ජීවත් වන්නේ ‘ගුනා’ නමින් හැඳි­න්වෙන ස්වදේ­ශික ජන­යායි. ගුනා ප්‍රජා­වට අයත් සාමා­ජි­ක­යන් ගණන 50,000කට ආස­න්නය. ගුනා දූපත් සමූ­හය සොබා සෞන්ද­ර්යය නිසා සංචා­රක ආක­ර්ෂ­ණය ඉහ­ළින්ම දිනා තිබේ. ගුනා ප්‍රජාවේ බොහෝ දෙනා සංචා­ර­ක­යන්ගේ ඇඟේ හැපෙ­මින් ජීවිත සරි­කර ගනිති. එසේ වුවත් ගුනා ප්‍රජා­වෙහි ජනයා වෙතින් ඔවුන්ගේ සාම්ප්‍ර­දා­යික සමාජ ඇව­තුම් පැව­තුම්, සිරිත් විරිත්, ජීව­නෝ­පා­යන් තව­මත් ගිලිහී ගොස් නැත.

එදා මෙන්ම අද­ටත් ගුනා­ව­රුන් ජීවත් වන්නේ ලීව­ලින් තැනූ කුඩා පැල්ප­ත්ව­ලය. ඒ කුඩා පැල් සෙවිලි කර තිබෙන්නේ පාම් අතු­ව­ලිනි. යම්ත­මට දැල්වෙන ගිනි මැල­යක් සහ එල්ලෙන ඇඳක් ගුනා නිවෙ­සක වර­දින්නේ ම නැත.

ගුනා­ව­රුන්ගේ ජන ජීවි­තය, ඔවුන්ගේ සිතුම් පැතුම් සහ ආකල්ප නූතන සමා­ජය සමඟ පෑහෙන්නේ අඩු­වෙනි. ඔවුන්ගේ ජීවිත ගොඩ­නැඟී තිබෙන්නේ ස්වාධී­න­ත්වය මුල්ක­ර­ගෙන ය. ඒ ස්වාධී­න­ත්වය ඔවුන් කෙත­රම් තදින් ආරක්ෂා කර­න්නේ­දැයි කියා කිව­හොත් එහි පිරි­මින් සහ ගැහැ­නුන් සමා­නා­ත්ම­තා­ව­යෙන් යුතුව පිළි­ගැනේ. ඊටත් වඩා පුදු­මය ලිංගික සංක්‍රා­න්ති­ක­යන් පවා සමා­නා­ත්ම­තා­ව­යෙන් යුතුව පිළි­ගැ­නී­මයි. තෙවැනි ලිංග භේද­යක් එත­රම් සමා­නා­ත්ම­තා­ව­ය­කින් යුතුව පිළි­ගන්නා අන් ප්‍රජා­වක් ලොව වෙනත් තැනෙක සම­හ­ර­විට නොව­ස­නවා වන්නට පුළු­වන.

ගුනා සමා­ජයේ ලිංගික සංක්‍රා­න්ති­ක­යන් හැඳි­න්වෙන්නේ ‘ඔමෙ­ග්ගිඩ්’ යනු­වෙනි. එහි අරුත ගැහැ­නි­යක මෙන් ක්‍රියා­ක­ර­න්නේය යන්නයි. මේ නිසා ‘ඔමෙ­ග්ගිඩ්’ යන පදය භාවි­ත­යට ගැනෙන්නේ ගැහැ­නුන් බවට පත් පිරි­මි­න්ටය. එවැ­න්නි­යන් ඔවුන්ගේ සමා­ජයේ බෙහෙ­වින් සුලභ ය.

ගුනා සමා­ජය, කාන්තා­වන් මුල් කර­ගත් සමා­ජ­යක් බැවින් ගැහැ­නුන් බවට පත් පිරි­මින්ට එහි ජීව­ත්වීම වඩාත් පහ­සුය. එම සමා­ජයේ ආහාර නිෂ්පා­ද­න­යත්, ආහාර බෙදා හැරී­මත්, දරු­වන්ගේ භාර­කා­ර­ත්වය දැරී­මත් කාන්තා­වන්ගේ කාර්ය­යන් වේ. සමා­ජ­යෙහි මෙන්ම පෞද්ග­ලික ජීවි­ත­ව­ලත් තීන්දු තීරණ ගැනීමේ අයි­තිය වැඩි­පු­රම තිබෙන්නේ මාග­මුන් අත මිස පිරි­මින් අත නොවේ. විවා­පත් පිරි­මි­යකු පදිං­චි­යට එන්නේ ද ගැහැ­නි­යගේ නිවෙ­ස­ටය. එතැන් පටන් පිරි­මියා ක්‍රියා කරන්නේ සිය බිරි­යගේ තීරණ අනු­වයි. ගුනා ප්‍රජාවේ පිරිමි රැකි­යාව ලෙස ධීවර කට­යු­තු­වල හෝ ගොවි­තැනේ යෙදෙති. ගම්මු­ලා­දෑ­නි­කම් වැනි තන­තුරු හැම­වි­ටම දරන්නේ පිරි­මින් ම පමණි. එසේ වුවත් පිරි­මි­යාට අයත් පොල් ගස්වල ඵල­දාව, ඔහු රැගෙන එන මත්ස්‍ය අස්වැන්න ආදිය ඔහුගේ දෙම­ව්පි­යන් සහ සහෝ­ද­ර­යන් අතර බෙදෙන අන්දම තීර­ණය කරන්නේ බිරි­යයි. විවා­පත් ගුනා ගැහැ­නි­යක අත මේ නිසා විශාල බල­යක් පවතී. පිරි­මි­යකු ගැහැ­නි­යක බවට පත් වූ විට එහි ජීව­ත්වීම පහසු වීමට හේතු­වක් වී ඇත්තේ ද ගැහැ­නුන් සතු මේ බල­යයි.

ගුනා ප්‍රජා­වට ලිංගික සංක්‍රා­න්ති­ක­යන් අති­ශ­යින්ම සාමා­න්‍යය ය. පවු­ලක පිරිමි ළම­යකු, ගැහැනු ගති විදහා පාමින් කට­යුතු කරන බවක් පෙනු­ණ­හොත් ඒ පිරිමි ළම­යාට කිසි­වකු හෝ තර­වටු කර­න්නට යන්නේ නැත. ගහ­න්නට, බණි­න්නට යන්නේ ද නැත. පවු­ලෙන් හෝ සමා­ජ­යෙන් හෝ ඒ ළමයා එළවා දම­න්නට දත කන මිනිස්සු ද එහි නොවෙති. පිරිමි ළමයා, ගැහැනු ළම­යකු හැටි­යට පිළි­ග­න්නට එහි සිටින කොයි කවු­රුත් එකඟ වෙති. ඔවුන්ගේ සමා­ජයේ පෙර සිටම පැවැති සම්ප්‍ර­දාය අනුව ලිංගික සංක්‍රා­න්ති­ක­යන් සම සිතින් පිළි­ගැ­නීම ගුනා සමා­ජ­යට අද­ටත් නුහුරු නුපු­රුදු දෙයක් නොවේ.

මේ සැම­ටම ‘මොලා’ නිෂ්පා­ද­න­යට හවුල් වී ජීවි­තය ගැට ගසා ගැනීමේ හැකි­යාව ඇත. ‘මොලා’ යනු එම සමා­ජ­ය­ටම ආවේ­ණික එම්බ්‍රො­යි­ඩරි කලා­වෙන් විචි­ත්‍ර­වත් කෙරුණු රෙදි­පිළි ය. මොලා නිෂ්පා­ද­නය ගැහැ­නුන් අත පැවැ­ති­යත් අද බහු­ල­වම එහි නිර­තව සිටින්නේ ‘ඔමෙ­ග්ගිඩ්’ලාය.

ලීසා මෙලෙස ඔමෙ­ග්ගිඩ් කෙනෙකු බවට පත් පිරි­මි­යෙකි. ඇය මොලා නිර්මා­ණය කර­මින් සැහැ­ල්ලු­වෙන් සිටි­න්නීය.

“ ලස්සන ලස්සන මොලා නිර්මා­ණය කරන්න මට ඉගැ­න්නුවේ මගේ අම්මා. මේ අපේ සම්ප්‍ර­දා­යික එම්බ්‍රො­යි­ඩරී පිළි. මේවා­යින් සම­හ­රක කුරු­ල්ලන් හෝ වෙනත් ආකා­ර­වල සතුන් හෝ නිර්මාණ කරලා තියෙ­නවා. සම­හර මොලා හරිම බල­වත්. නපුරු අධ්‍යා­ත්ම­ය­න්ගෙන් ඔබව බේරා ගන්න පවා ඒවාට පුළු­වන්.“

මේ නිසා ඒ සමා­ජයේ ඇතැම් අය පැන­මාවේ ජනා­කීර්ණ කල­බල නග­ර­ව­ලට ඇතු­ළු­වෙ­මින් නූතන ලෝක­යට එබි­කම් කර­න්නට පට­න්ගෙන සිටිති. ඒ ලෝකයේ සංකී­ර්ණ­ත්වය දර­න්නට ගුනා සමා­ජයේ වැසි­යන්ගේ අත්දැ­කීම් සහ දැනුම ප්‍රමා­ණ­වත් නැත. නග­ර­ව­ලට පිවිසි බොහෝ­දෙ­නෙක් බොහෝ­විට නොදැ­නු­වත්ම එච්.අයි.වී. ආසා­දි­ත­යන් බවට පත්වෙති. ආපසු පැමි­ණෙන එවැනි පිරිස් හරහා ගුනා සමා­ජයේ එච්.අයි.වී. ආසා­දි­ත­යන් සංඛ්‍යාව වැඩි­වීමේ අව­දා­න­මක් මතුව ඇත. ගුනා සමා­ජයේ වැසි­යන්ට නවීන ලෝක­යට සරි­ලන අන්දමේ දැනු­මක් ලබා­දිය යුතු­යැයි රාජ්‍ය නොවන සංවි­ධාන ප්‍රධා­නීහු සහ පැනමා බල­ධා­රීහු මේ නිසා තර්ක කරති. ස්වාධී­න­ත්ව­යෙන් සහ සමා­න­ත්ම­තා­ව­යෙන් යුත් ගුනාහි සුන්දර ලෝකය බාහිර සමා­ජයේ මේ අත­පෙ­වීම් සහ මැදි­හ­ත්වීම් නිසා සුනු විසුනු වී යන්නට හොඳ­ටම ඉඩ තිබේ.

Comments