
රංචු රංචු එකතු වෙලා
ගසින් ගසට පියාඹලා
පුංචි අපේ සිත් පිනවන
පුංචි කුරුල්ලෝ
කෑම සොයා පියඹා ගොස්
රටේම සිරි නරඹාලා
නැවතත් සතුටින් පැමිණෙන
පුංචි කුරුල්ලෝ
කැලේට ගොස් කෝටු සොයා
ගස උඩ කූඩුවක් තනා
කීචි බීචි හඬ නඟනා
පුංචි කුරුල්ලෝ
වතුර වළක් සොයා ගොසින්
ගිලී ගිලී දිය නාමින්
පරිසරයම හැඩ කරනා
පුංචි කුරුල්ලෝ
විනුජි ජයසිංහ
8 වසර
තක්ෂිලා මධ්‍ය විද්‍යාලය
හොරණ