කුරුල්ලෝ | Page 2 | සිළුමිණ

කුරුල්ලෝ

රංචු රංචු එකතු වෙලා
ගසින් ගසට පියා­ඹලා
පුංචි අපේ සිත් පින­වන
පුංචි කුරුල්ලෝ

කෑම සොයා පියඹා ගොස්
රටේම සිරි නර­ඹාලා
නැව­තත් සතු­ටින් පැමි­ණෙන
පුංචි කුරුල්ලෝ

කැලේට ගොස් කෝටු සොයා
ගස උඩ කූඩු­වක් තනා
කීචි බීචි හඬ නඟනා
පුංචි කුරුල්ලෝ

වතුර වළක් සොයා ගොසින්
ගිලී ගිලී දිය නාමින්
පරි­ස­ර­යම හැඩ කරනා
පුංචි කුරුල්ලෝ

විනුජි ජය­සිංහ
8 වසර
තක්ෂිලා මධ්‍ය විද්‍යා­ලය
හොරණ

 

Comments