
ටික්කි ටිකිරි පුංචි බබා
බත් කන්නැති චුටි බබා
සිනාසෙමින් සිටියි බබා
මගෙ රන්කිරි මල්ලි බබා
මම දැක්කම නටන බබා
සින්දු කියන පුංචි බබා
කකුල් ඇඳේ ගහන බබා
දොයි දොයි දොයි මල්ලි බබා
පුංචි මල්ලි හරිම හොඳයි
මගෙ ගවුමෙන් නිතර අදියි
පුංචි මුවෙන් සිනා මැවෙයි
මගෙ පස්සෙන් නිතර ම එයි
මගෙ පොත් ටික අරගන්නේ
පිටු එකිනෙක පෙරළන්නේ
කාර් කියා පවසන්නේ
පුංචි මල්ලි සතුටින්නේ
ඩබ්ලිව්. දිසත්යා තිසේව්නී සමරනායක
4 ශ්‍රේණිය ‘බී’,
දෙමටළුව ම.වි.,
දෙමටළුව.