මල්ලි බබා | Page 2 | සිළුමිණ

මල්ලි බබා

ටික්කි ටිකිරි පුංචි බබා
බත් කන්නැති චුටි බබා
සිනා­සෙ­මින් සිටියි බබා
මගෙ රන්කිරි මල්ලි බබා

මම දැක්කම නටන බබා
සින්දු කියන පුංචි බබා
කකුල් ඇ‍ඳේ ගහන බබා
දොයි දොයි දොයි මල්ලි බබා

පුංචි මල්ලි හරිම හොඳයි
මගෙ ගවු­මෙන් නිතර අදියි
පුංචි මුවෙන් සිනා මැවෙයි
මගෙ පස්සෙන් නිතර ම එයි

මගෙ පොත් ටික අර­ගන්නේ
පිටු එකි­නෙක පෙර­ළන්නේ
කාර් කියා පව­සන්නේ
පුංචි මල්ලි සතු­ටින්නේ

ඩබ්ලිව්. දිසත්යා තිසේව්නී සම­ර­නා­යක
4 ශ්‍රේණිය ‘බී’,
දෙම­ට­ළුව ම.වි.,
දෙම­ට­ළුව.

Comments