බල්බ­යක් දැල්වෙන ආකා­රය | සිළුමිණ

බල්බ­යක් දැල්වෙන ආකා­රය

අප දැක තිබෙ­නවා යක­ඩ­යක් ළිපට දැමූ විට රත්වෙ­නවා. මේ යක­ඩය රත්වී වැඩි­වෙ­න­විට ගිනි­යම් වී තද රතු පාටට එළි­යක් පිට­වෙ­නවා. මේ අන්ද­මට රත් වුණාම එළිය විහි­දු­වන ලෝහ­යක් වන්නේ ටන්ග්ස්ටන්ය.

යක­ඩ­යක් රත් කිරී­මට අවශ්‍ය ශක්ති­යක් ටන්ග්ස්ටන් ලෝහය රත් කරන්න අවශ්‍ය නොවේ. ටන්ග්ස්ටන් ලෝහ­යක විදු­ලිය ගමන් කළාම ඒක රත්වෙ­නවා. රත්වෙලා ගිනි­යම් වෙනවා. එහෙත් මෙහෙම ගිනි­යම් වෙන විට වාතය සමඟ ගැටු­ණොත් ටන්ග්ස්ටන් කම්බිය පිච්චිලා අළු වෙලා යනවා. එසේ සිදු­වන්නේ වාතයේ ඇති ඔක්සි­ජන් නිසාය.

එසේ නම් විදුලි බල්බ­යක් ඇතුළේ ඇත්තේ මොන විදිහේ වායු­වක් ද? මේ වායුව ගිනි­යම් වන ටන්ග්ස්ටන් එක්ක ප්‍රති­ක්‍රියා නොක­රන වායු­වක් වෙන්න ඕ‍න. එහෙම වායු­වක් නම් ආගන් ය. විදුලි බල්බ­වල ඇතුළ පුර­වල තියෙන්නේ ආගන් වායු­වෙන්. ඒ නිසා වරක් දැල්වුණු බල්බය එතැ­නින් නොනැ­වතී දිග­ටම දැල්විය හැකිය. එසේම විදුලි බල්බ­යක් ඇතුළේ ටන්ග්ස්ටන් කම්බිය සර්පි­ලා­කා­රව යොදා ගෙන ඇත. එසේ දැමී­මට ද හේතු­වක් වෙයි. කම්බිය හරහා විදු­ලිය ගමන් කරන විට එය රත්වෙන්නේ එයින් විදු­ලිය ගම­නට දක්වන බාධා­වක් නිසයි. අපි මේ බාධා­වට කියන්නේ ප්‍රති­රෝ­ධය කිය­ලයි. කම්බියේ දිග ප්‍රමා­ණය වැඩි වන විට විදු­ලියේ ගම­නට ඇති බාධාව වැඩි වේ. එම නිසා බල්බ­යක් ඇතුළේ දිගෙන් වැඩි කම්බි­යක් තබා ගැනීමේ ක්‍රමය නම් ඒක සර්පි­ලා­කාර විදි­හට දඟර දා ඔතා­ගන්න එකයි. කුඩා ඉඩක් ඇතුළේ දිග කම්බි­යක් සර්පි­ලා­කා­රව අහු­රන්න පුළු­වන්.

බල්බය ඇතුළේ ටන්ග්ස්ටන් කම්බිය සර්පි­ලා­කා­රව සකස් කර ගැනීමේ රහස මෙයයි. ඒ හේතු­වෙන් ප්‍රති­රෝ­ධය වැඩි­වෙලා කම්බිය ඉක්ම­නට රත්වෙ­නවා. එම නිසා ටන්ග්ස්ටන් කම්බි බල්බ­ව­ලට යොදා සකස් කර ගනී.

එනිඳු සුප­සන් ප්‍රේම­සු­න්දර
6 ශ්‍රේණිය ‘සී’,
කේරි විදු­හල,
කොළඹ 08.

 

Comments