
අප දැක තිබෙනවා යකඩයක් ළිපට දැමූ විට රත්වෙනවා. මේ යකඩය රත්වී වැඩිවෙනවිට ගිනියම් වී තද රතු පාටට එළියක් පිටවෙනවා. මේ අන්දමට රත් වුණාම එළිය විහිදුවන ලෝහයක් වන්නේ ටන්ග්ස්ටන්ය.
යකඩයක් රත් කිරීමට අවශ්‍ය ශක්තියක් ටන්ග්ස්ටන් ලෝහය රත් කරන්න අවශ්‍ය නොවේ. ටන්ග්ස්ටන් ලෝහයක විදුලිය ගමන් කළාම ඒක රත්වෙනවා. රත්වෙලා ගිනියම් වෙනවා. එහෙත් මෙහෙම ගිනියම් වෙන විට වාතය සමඟ ගැටුණොත් ටන්ග්ස්ටන් කම්බිය පිච්චිලා අළු වෙලා යනවා. එසේ සිදුවන්නේ වාතයේ ඇති ඔක්සිජන් නිසාය.
එසේ නම් විදුලි බල්බයක් ඇතුළේ ඇත්තේ මොන විදිහේ වායුවක් ද? මේ වායුව ගිනියම් වන ටන්ග්ස්ටන් එක්ක ප්‍රතික්‍රියා නොකරන වායුවක් වෙන්න ඕන. එහෙම වායුවක් නම් ආගන් ය. විදුලි බල්බවල ඇතුළ පුරවල තියෙන්නේ ආගන් වායුවෙන්. ඒ නිසා වරක් දැල්වුණු බල්බය එතැනින් නොනැවතී දිගටම දැල්විය හැකිය. එසේම විදුලි බල්බයක් ඇතුළේ ටන්ග්ස්ටන් කම්බිය සර්පිලාකාරව යොදා ගෙන ඇත. එසේ දැමීමට ද හේතුවක් වෙයි. කම්බිය හරහා විදුලිය ගමන් කරන විට එය රත්වෙන්නේ එයින් විදුලිය ගමනට දක්වන බාධාවක් නිසයි. අපි මේ බාධාවට කියන්නේ ප්‍රතිරෝධය කියලයි. කම්බියේ දිග ප්‍රමාණය වැඩි වන විට විදුලියේ ගමනට ඇති බාධාව වැඩි වේ. එම නිසා බල්බයක් ඇතුළේ දිගෙන් වැඩි කම්බියක් තබා ගැනීමේ ක්‍රමය නම් ඒක සර්පිලාකාර විදිහට දඟර දා ඔතාගන්න එකයි. කුඩා ඉඩක් ඇතුළේ දිග කම්බියක් සර්පිලාකාරව අහුරන්න පුළුවන්.
බල්බය ඇතුළේ ටන්ග්ස්ටන් කම්බිය සර්පිලාකාරව සකස් කර ගැනීමේ රහස මෙයයි. ඒ හේතුවෙන් ප්‍රතිරෝධය වැඩිවෙලා කම්බිය ඉක්මනට රත්වෙනවා. එම නිසා ටන්ග්ස්ටන් කම්බි බල්බවලට යොදා සකස් කර ගනී.
එනිඳු සුපසන් ප්‍රේමසුන්දර
6 ශ්‍රේණිය ‘සී’,
කේරි විදුහල,
කොළඹ 08.