
කන්ද උඩින් ඉර මාමා එබී බලනවා
ගස් වැල් හැම අහස උසට නැඟී දිලෙනවා
කුරුලු රෑන් ගස් අතරින් පියඹායනවා
වනාන්තරේ මල් පිපිලා සුවඳ දැනෙනවා
වඳුරු රංචු ගස් අතරින් පැන පැන යන්නා
දිය පාරේ මාළු පැටව් එබී බලන්නා
කුරුලු රංචු කීචි බීචි සින්දු කියන්නා
මුළු වනයම කුරුලු නදින් පිරී ඉතිරෙන්නා
ගුවන අරා කුරුලු රංචු පියඹා එනවා
ගස් වැල්වල මල් පිපිලා එබී බලනවා
මොනරු පැටවු පිල් විදහා නැටුම් නටනවා
වනන්තරේ සිරි හැම මොහොතෙම අපට දැනෙනවා
ටී.වී. ප්රියාභාණි එරන්දතී වීරතුංග
7 ශ්‍රේණිය,
කල්තොට දකුණ ඉවුර විද්‍යාලය,
වැලිපතයාය, බළන්ගොඩ