වන­යක අසි­රිය | Page 2 | සිළුමිණ

වන­යක අසි­රිය

කන්ද උඩින් ඉර මාමා එබී බල­නවා
ගස් වැල් හැම අහස උසට නැඟී දිලෙ­නවා
කුරුලු රෑන් ගස් අත­රින් පිය­ඹා­ය­නවා
වනා­න්තරේ මල් පිපිලා සුවඳ දැනෙ­නවා

වඳුරු රංචු ගස් අත­රින් පැන පැන යන්නා
දිය පාරේ මාළු පැටව් එබී බලන්නා
කුරුලු රංචු කීචි බීචි සින්දු කියන්නා
මුළු වන­යම කුරුලු නදින් පිරී ඉති­රෙන්නා

ගුවන අරා කුරුලු රංචු පියඹා එනවා
ගස් වැල්වල මල් පිපිලා එබී බල­නවා
මොනරු පැටවු පිල් විදහා නැටුම් නට­නවා
වන­න්තරේ සිරි හැම මොහො­තෙම අපට දැනෙ­නවා

ටී.වී. ප්‍රියා­භාණි එර­න්දතී වීර­තුංග
7 ශ්‍රේණිය,
කල්තොට දකුණ ඉවුර විද්‍යා­ලය,
වැලි­ප­ත­යාය, බළන්­ගොඩ

 

Comments