
බුදු පුදනට මල් කඩලා
ගෙන යන්නම් මං දැහැමි සිතින්
පිනි බිදු මෙන් පැන් ඉසලා මල්වල
ලස්සන මෘදු පෙති සරසන්නම්
පෙරහන්කඩයෙන් පෙරා අයින් කළ
පැන් බඳුනින් පැන් පුරවන්නම්
තෙල් පුරවා මම පහනම පිරෙන්න
නව තිරයක් එහි පොඟවන්නම්
ගිනි කූරෙන් - නව දැල්ලකි පහනට
ඒ එළියෙන් සැම එකලු කළා
කදිමට සුවඳැති සුවඳකූරු ගෙන
සැම තැන සුවඳින් සුවඳ කළා
බුදු කුටියෙහි වැඩි බුදු හිමි මා දෙස
කරුණා දහරින් දෙනෙත් යොමා
සිටිනා විට සැම බුදු හිමි වෙත මෙම
සියලු මල්පහන් පූජා කළා
ජේ.ඒ. සඳුනි නෙත්මි
13 ශ්‍රේණිය,
බෞද්ධ මහා විද්‍යාලය,
මහනුවර