පිළි­වෙත | Page 2 | සිළුමිණ

පිළි­වෙත

බුදු පුද­නට මල් කඩලා
ගෙන යන්නම් මං දැහැමි සිතින්
පිනි බිදු මෙන් පැන් ඉසලා මල්වල
ලස්සන මෘදු පෙති සර­ස­න්නම්

පෙර­හ­න්ක­ඩ­යෙන් පෙරා අයින් කළ
පැන් බඳුනින් පැන් පුර­ව­න්නම්
තෙල් පුරවා මම පහ­නම පිරෙන්න
නව තිර­යක් එහි පොඟ­ව­න්නම්

ගිනි කූරෙන් - නව දැල්ලකි පහ­නට
ඒ එළි­යෙන් සැම එකලු කළා
කදි­මට සුව­ඳැති සුව­ඳ­කූරු ගෙන
සැම තැන සුව­ඳින් සුවඳ කළා

බුදු කුටි­යෙහි වැඩි බුදු හිමි මා දෙස
කරුණා දහ­රින් දෙනෙත් යොමා
සිටිනා විට සැම බුදු හිමි වෙත මෙම
සියලු මල්ප­හන් පූජා කළා

ජේ.ඒ. සඳුනි නෙත්මි
13 ශ්‍රේණිය,
බෞද්ධ මහා විද්‍යා­ලය,
මහ­නු­වර

Comments