සැන්දෑව | සිළුමිණ

සැන්දෑව

ගොවි මාමා මඩ සෝදා නිව­සට එන්නේ
හෙන්දි­රික්කා සේපා­ලිකා මල් හිනැ­හෙන්නේ
වවුලු රංචු කෑම සොයා ඉගිළී යන්නේ
අනෙක් කුරුල්ලෝ යහ­නට වී සැත­පෙන්නේ
 

මඳ සුළ­ඟට මල් සුව­ඳත් මුසු වී එන්නේ
සඳ රැස් මුළු අවට පුරා පැතිරී එන්නේ
බට­හිර ආකා­සය රන් විම­නක් වන්නේ
හිරු මාමා බායි කියා සැඟවී යන්නේ
 

බක­මූ­ණන් හූම් හූම් ගීය ගයන්නේ
පුංචි ළමෝ ඒ ගීයට බයවී අඬන්නේ
රංචු රංචු වවුල් රංචු ඉගිලී යන්නේ
සැන්දෑ­වක අසි­රිය මෙය­ටම මැදි වෙන්නේ
 

ජී. හිරුෂි සාරංගා
9 ශ්‍රේණිය,
වලවේ ශ්‍රී විද්‍යා­නන්ද දහම් පාසල,
දම්වැ­ල්ඕ­ඩය, තණ­ම­ල්විල.

Comments