
ගොවි මාමා මඩ සෝදා නිවසට එන්නේ
හෙන්දිරික්කා සේපාලිකා මල් හිනැහෙන්නේ
වවුලු රංචු කෑම සොයා ඉගිළී යන්නේ
අනෙක් කුරුල්ලෝ යහනට වී සැතපෙන්නේ
මඳ සුළඟට මල් සුවඳත් මුසු වී එන්නේ
සඳ රැස් මුළු අවට පුරා පැතිරී එන්නේ
බටහිර ආකාසය රන් විමනක් වන්නේ
හිරු මාමා බායි කියා සැඟවී යන්නේ
බකමූණන් හූම් හූම් ගීය ගයන්නේ
පුංචි ළමෝ ඒ ගීයට බයවී අඬන්නේ
රංචු රංචු වවුල් රංචු ඉගිලී යන්නේ
සැන්දෑවක අසිරිය මෙයටම මැදි වෙන්නේ
ජී. හිරුෂි සාරංගා
9 ශ්‍රේණිය,
වලවේ ශ්‍රී විද්‍යානන්ද දහම් පාසල,
දම්වැල්ඕඩය, තණමල්විල.