මලක පැතුම... | Page 5 | සිළුමිණ

මලක පැතුම...

තැඹි­ලියි කහයි රතු පාටයි මගේ වත
ගඳයි සැරයි මා ළඟ සම­හර අයට
පෙති දහ­ස­කුත් ඇත මට නම් හැඩ­වන්ට
එහෙ­යින් දහ­ස්පෙ­තියා වෙයි මගේ නම

නෙක විද හැඩෙන් මා මේ ලොව පැවතේ
පිබිදී ටික කල­කින් මිය යතේ
පීදි එක යායක මල් ගොමු­වක් වෙතේ
පූජා වේවා මා මෙන් බුදු හිමි වෙතේ

මලිෂා මංජු­භා­ෂිණී ජය­සිංහ
12 ශ්‍රේණිය,
ගම්පොළ බෞද්ධ විද්‍යා­ලය, ගම්පොළ. 

Comments