මැයි මස පළමු වනදාට පෙර මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ.ඒ අනුව අධිකරණය මගින් මරණ දඩුවම නියම කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනෙකුට පළමුව මරණ දණ්ඩනය කි‍්‍රයාත්මක කෙරෙනු ඇති බව පැවසේ.සිංහල හා දෙමළ අලූත් අවුරුද්දෙන් පසු එළඹෙන සති කිහිපය තුළ එය කි‍්‍රයාත්මක කෙරෙනු ඇති බවටද වාර්තා පළ වේ.මේ අතර අලූගෝසු හෙවත් වදක තනතුරට දෙදෙනෙකු බදවා ගැනීම සදහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉකුත්දා පැවැත් වූ සම්මුඛ පරීක්‍ෂණයෙන් තෝරා ගත් තිස් දෙනා ඉදිරි දෙසතිය තුළ වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කර ඒ අතරින් සුදුසු දෙදෙනෙකු අදාළ තනතුරට තෝරා ගැනීමට නියමිතව ඇත.අදාළ තනතුරට තෝරා ගන්නා දෙදෙ