
මාරක රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇත.
ඒ ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
ඔහුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවීමටද නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය, මිය ගිය පුද්ගලයාට සැප්තැම්බර් 09 වනදාට පෙර රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාදෙන මෙන් නියෝග කළේය.
ඒ අනුව අවසන් කටයුතු සඳහා රුපියල් ලක්ෂ 02 ක මුදලක් අද ලබා දුන්නේය.
කුසල් මෙන්ඩිස් අධිකරණයට - Update
අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද (06) පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවේ ඔහු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ සිටින බවය.
කුසල් මෙන්ඩිස්ගේ ජීප් රථයේ ගැටී පුද්ගලයකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ(05) අලුයම ඔහු අත්අඩංගුවට ගැනිණි.
පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේදී ඔහුගේ ජීප් රථය පාපැදිකරුවෙකුගේ ගැටීමෙන් එම අනතුර සිදුවිය.
අනතුරින් මියගියේ පානදුර , ගොරකපොල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි තිදරු පියෙකි.