
බම්බලපිටියේදී ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කළේ, යතුරු පැදියක යමින් සිටියදී ඊයේ රාත්‍රියේ එම අනතුර සිදුව ඇති බවයි.
තුවාල ලැබු රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු බීමත්ව සිට ඇති අතර , ඔහු නීති පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙකි.