රියදුරන්ට පොලිසියෙන් විශේෂ දැනුවත් කිරීමක් | සිළුමිණ

රියදුරන්ට පොලිසියෙන් විශේෂ දැනුවත් කිරීමක්

උත්සව සමයේ ප්‍රධාන නගර ආශ්‍රිතව රථවාහන නවතා තැබීමේ දී සැළකිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දී ඇත.
 
අවිධිමත් ලෙස රථවාහන නතරකර යාම හේතුවෙන් පසුගිය දින කිහිපයේ ප්‍රධාන නගර ආශ්‍රීතව දැඩි රථවාහන තදබදයක් පැවතුන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
 
 අවිධිමත් ලෙස වාහන නතර කරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි

Comments