
IDH රෝහලෙන් පළාගිය කොරෝනා ආසාදිතයා බවට සැකකෙරෙන පුද්ගලයා සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පවසයි.
අද අලුයම රෝහලෙන් පැනගිය ඔහු 41 වැනි වියේ පසුවන එල්සියාම් නසීම් නමැති එම සැකකරු ත්‍රිකුණාමලය, වල්ලිමලර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහිවූවෙකු වන මොහු අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු බව ද සඳහන් ය.
සැකකරුගේ වම් පාදයේ අබාධයක් ඇති බැවින් ඇවිදින විට අපහසුතා සහිත තැනැත්තෙකි.