
මෙවර මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන්නේ මැතිවරණ දිනයට පසු දින එනම් අගෝස්තු 6 වැනිදා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කළේය.
අද (21) පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න සහ මැතිවරණ කටයුතු සඳහා සම්බන්ධ වන මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ නිලධාරීන් හමුවුණි.
මහ මැතිවරණය පවත්වන ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ.