පෙරහුරු මැතිවරණය අම්බලන්ගොඩදී ඇරඹේ | සිළුමිණ

පෙරහුරු මැතිවරණය අම්බලන්ගොඩදී ඇරඹේ

මහ මැතිවරණය උදෙසා සෞඛ්‍ය නීති පිළිපදිමින් පෙරහුරු මැතිවරණය මීට ස්වල්ප මොහොතකට පෙර ඇරඹිණ.

ඒ, අම්බලන්ගොඩ, විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථානයේදීය.

අද පෙරවරු 10.00 සිට දහවල් 12.00 දක්වා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් එම පෙරහුරු මැතිවරණය පැවැත්වේ.

ඡන්ද දායකයින් 200 දෙනෙකු මේ සඳහා යොදා ගැනීමට නියමිත අතර සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ඡන්ද මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේදී මතුවිය හැකි ගැටලු හඳුනා ගැනීම මේ වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණයි.

දුරස්ථභාවය පවත්වාගෙන යමින්, මුඛ ආවරණ හා විෂබීජහරණ දියර භාවිතා කරමින් ජාතික හැඳුනුම්පත් අතින් නොඅල්ලමින් යනාදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මෙම මැතිවරණ පෙරහුරුව පැවැත්වීමට නියමිතයි.

Comments