ආසාදිතයින් ගණන 960 ක් දක්වා ඉහළට - Update | Page 4 | සිළුමිණ

ආසාදිතයින් ගණන 960 ක් දක්වා ඉහළට - Update

තව ත් කොරෝනා ආසාදිතයින් 3 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 960 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අතරින් 431 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබනු ඇත.

සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 520 කි.

කොරෝනා බවට සැක කෙරෙන 106 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ වෛද්‍ය අධීක්ෂණය යටතේය.

ඊයේ හඳුනා ගැනුණු රෝගීන්ගෙන් 23 දෙනෙකු නාවික හමුදා සෙබළුන් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

මධ්‍යම රාත්‍රී 12.00 - Update

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 957 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ආසාදිතයින් ගණන 949 ක් දක්වා ඉහළට - Update

රාත්‍රී 10.40 - Update

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 949 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන් 12දෙනෙකු වාර්තා වීමත් සමඟ ආසාදිතයන් ගණන ඉහළ ගොස් තිබේ.

ආසාදිතයින් ගණන 937 ක් දක්ව ඉහළට - Update - 05.18

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 936 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයෙකු වාර්තා වී ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 520 කි.

Comments