
අද (17) දිනය තුළ කොවිඩ් 19 ආසාදිතයින් 9 දෙනෙකු අලුතින් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 1924 දක්වා ඉහළ ගොස් ඇත.
අද වාර්තා වූ ආසාදිතයින්ගෙන් 7 දෙනෙකුම විදේශයන්ගේ සිට පැමිණි අයයි.
අද හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 9 දෙනාගෙන් 05 දෙනෙකුම චෙන්නායි සිට පැමිණි අයයි.
ශ්‍රී ලාංකිකයින් 53 දෙනෙකු චෙන්නායි සිට අද අලුයම දිවයිනට පැමිණි අතර ගුවන් තොටුපොළේදී සිදුකළ PCR පරීක්ෂාවේදී එම ආසාදිතයින් 5 දෙනා හඳුනාගෙන තිබේ.
බංග්ලාදේශයේ සිට පැමිණ රන්ටැඹේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි දෙදෙනෙකුද ආසාදිතයින් ලෙස අද හඳුනා ගැනුණි.
සෙසු ආසාදිතයින් දෙදෙනා නාවික හමුදා සාමාජිකයින් වේ.
මේ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1924 දක්වා ඉහළ ගියේය.
ඉන් 1397 දෙනෙකු පූර්ණ සුවය ලබා සිටින අතර ප්‍රතිකාර ලබමින් සිටින්නේ 516 දෙනෙකු පමණයි.