ආසාදිතයින් ගණන 1789 දක්වා ඉහලට | සිළුමිණ

ආසාදිතයින් ගණන 1789 දක්වා ඉහලට

තවත් කොරෝනා ආසාදිතයින් 08ක් හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1789 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, අද (04) මේ දක්වා (පස්වරු 4.30)වාර්තා වී ඇති කොරෝනා රෝගීන් ගණන 40කි.

එම 40 දෙනා අතරින් 36 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් වන අතර තවත් තිදෙනෙක් ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් ය.

අද හඳුනා ගත් අනෙක් ආසාදිතයා බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ගලයෙකි.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් නාවික සෙබළුන් 32ක් හඳුනා ගෙන ඇති අතර තවත් තිදෙනෙකු ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත.

අනෙක් සෙබළා ද නිරෝධායනයට ලක්වෙමින් සිටින අයෙක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඉන්දියාවේ සිට පැමිණි තිදෙනා කටුකෙළියාව නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇති අතර බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ගලයා හඳුනා ගෙන ඇත්තේ, දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටියදීයි.

Comments