
මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 1710 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අද(03) දිනයේ මේ දක්වා නව ආසාදිතයින් 27 දෙනෙකු හදුනාගැනීමත් සමඟයි.
ඔවුන්ගෙන් 19 දෙනෙකු කටාර් සිට මෙරටට පැමිණ ඇති අතර තවත් අයෙකු කුවෙට් හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටින පුද්ගලයින් බව සඳහන්ය.
සෙසු 7 දෙනා නාවික හමුදා සාමාජිකයින් බව ද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව සදහන් කළේය.
ඒ අනුව මේ වන විට ආසාදිතයින් 863 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 836 ක් වෙයි.
අද දිනයේ ද ආසාදිතයින් 13 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
අයි.ඩී.එච්, මුල්ලේරියාව සහ මිනුවන්ගොඩ යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.
මේ අතර කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 9 දෙනෙකු සුවය ලබා තිබේ.
ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 424 දෙනෙකු දක්වා ඉහල ගොස් ඇති බවයි නාවික හමුදා මූලස්ථානය සඳහන් කළේය.