
කොවිඩ්-19 ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 9 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව කොවිඩ්-19 ආසාදනය වී සිට සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 2103 දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2764ක් වන අතර ඒ අතරින් තවත් ආසාදිතයින් 650 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.