කොරෝනා බවට සැක සාම්පල සංඛ්‍යාව 1600ක් | සිළුමිණ

කොරෝනා බවට සැක සාම්පල සංඛ්‍යාව 1600ක්

කොරෝනා බවට සැක කෙරෙන රෝගීන්ගේ සාම්පල 1600ක් පමණ මේ වන විට පරීක්ෂා කර ඇතැයි, බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසයි.

ඔහු සඳහන් කළේ, ඉන් කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී ඇත්තේ සුළු පිරිසක් බවයි.

තවත් සැක සහිත රෝගීන්ගේ සාම්පල 60ක් පමණ පරීක්ෂා කිරීම සඳහා ලැබී ඇතැයි ද සදහන්.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය, කොරෝනා පිළිබඳ සාම්පල පරීක්ෂා කෙරෙන මෙරට ප්‍රධානම ආයතනය වන අතර දෛනිකව වාර තුනකදී එහි සිදු කෙරෙන පරීක්ෂණ සංඛ්‍යාව 100කි.

ඒ සඳහා රසායනාගාර කාර්මික විද්‍යාඥයෝ 12 දෙනෙක් සේවයේ නිරතව සිටිති.

එහිදී ගනු ලබන වාර්තා, වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගේ අධීක්ෂණය යටතේ සිදුකර අදාළ රෝහල් වෙත ක්ෂණිකව ලබා දෙන බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

 

Comments