
ඩුබායි රාජ්‍යයේ රැඳී සිටි ලාංකිකයින් 290 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියේ ය.
ඒ, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් ය.
විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ සඳහන් කළේ, ගැබිණි මව්වරුන් 120 දෙනෙකු ඒ අතර වන බවයි.
ගුවන්තොටුපොළ තුළදීම එම පිරිස PCR පරීක්ෂණවලට ලක් කෙරිණි.
මේ අතර මැඩගස්කර්, උගන්ඩා සහ ඉන්දියාවේ සිටින තවත් ලාංකිකයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව ද ඔහු සඳහන් කළේ ය.