තමිල්නාඩුවේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට | සිළුමිණ

තමිල්නාඩුවේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ රැදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 53 දෙනෙකු අද (17) දිවයිනට පැමිණ තිබේ.

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට එම පිරිස රැගත් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය අද අලූයම 4.30 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වූ අතර එලෙස පැමිණි ගුවන් මගීන් අතරට ළමුන් දෙදෙනෙකු ද ඇතුළත්. 

එම ගුවන් මගීන් සියලූදෙනා PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර අදාළ පරීක්ෂණවල ප‍්‍රතිඵල ලැබෙන තෙක්, ඔවුන්ට කටුනායක ගුවන් තොටුපළ අවට හෝටල් කිහිපයක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සලසා දී ඇතැයි ද සදහන්.

Comments