චෙන්නායි සහ යාපනය අතර මඟී ගුවන් සේවා හෙට සිට (11) ආරම්භ කරන බව එයාර් ඉන්දියා ගුවන් සමාගම පවසයි. සතියකට තෙදිනක් මේ ගුවන් ගමන් සිදු කරනු ලබන බවත් ඒ අනුව සඳුදා, බදාදා හා සෙනසුරාදා දිනයන්හි චෙන්නායි ගුවන් තොටුපොළෙන් පෙරවරු 10.35ට යාපනය බලා ගුවන් ගමන් සිදු කෙරෙන අතර එය යාපනය ගුවන් තොටුපොළට දහවල් 12.00ට ළඟා වේ.
යාපනය ගුවන් තොටුපොළින් දහවල් 12.45ට පිටත්වන එය පස්වරු 2.10ට ට චෙන්නායි ගුවන් තොටුපොළට ළඟා වේ.
යාපනය හා චෙන්නායි අතර ගුවන් ප්‍රවේශ පත්රයක් ඉන්දියානු රුපියල් 3990.00කට (බදු රහිතව) - (ශ්‍රී ලංකා රුපියල් 10000.00) කට ලබා ගත හැකි බවද එයාර් ඉන්දියා සමාගම පවසයි. මේ ගුවන් සේවාව පවත්වා ගෙන යනු ලබන්නේ එයාර් ඉන්දියා සමාගමට අනුබද්ධිත එලායන්ස් එයාර් ගුවන් සමාගම විසිනි.