රෝගීන් ගණන 148 ක් දක්වා ඉහලට | Page 13 | සිළුමිණ

රෝගීන් ගණන 148 ක් දක්වා ඉහලට

ශ්‍රී ලංකාවෙන් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව148 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

වසංගත රෝග විද්‍යා අංශය අද (02) පෙරවරුවේ 11.30 නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනය තුළ ආසාදිතයින් දෙදෙනෙකු තහවුරු වී ඇති බවය.

ඒ අනුව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 124 ක් වන අතර , සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 21කි.

එසේම කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ පුද්ගල මරණ 03ක් සිදුව ඇත.

 

Comments