තවත් කොරෝනා ආසාදිතයින් 7ක් හඳුනා ගැනේ | සිළුමිණ

තවත් කොරෝනා ආසාදිතයින් 7ක් හඳුනා ගැනේ

ඊයේ රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 863 දක්වා ඉහළ යනු ඇති.

ආසාදනයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති පිරිස 321ක් වන අතර ආසාදිතයින් 533 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිති.

Comments