
කොවිඩ් 19 ආසාදනය වී රෝහල් ගතව සිටි බොලිවුඩ් සුපිරි නිළි ඓශ්වර්යා රායි බච්චන් සහ ඇගේ 8 හැවිරිදි දියණිය වන ආරධ්‍යා සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.
ඓශ්වර්යා සහ දියණිය සතියකට වැඩි කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් පසුව රෝහලෙන් පිටව ගොස් ඇති බවට අභිෂේක් බච්චන් තම ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණි.
ට්විටර් පණිවිඩයේ තවදුරටත් මෙසේ සටහන් විය.
"ඓශ්වර්යා සහ ආරධ්‍යා සෘණාත්මක කොවිඩ් පරීක්ෂාවක් සමඟ රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.ඔවුන් දැන් නිවසේ සිටිනු ඇති.
මගේ පියා සහ මම වෛද්‍ය කාර්ය මණ්ඩලයේ රැකවරණය යටතේ තවමත් රෝහලේ රැඳී සිටිනවා."