
දිවයින පුරා පවතින පොලිස් ඇඳිරි නීතිය හේතුවෙන් ගෙවීම් සිදු කිරීමට නොහැකි වූ රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට තවත් සහන කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.
තැපැල්පති රංජිත් ආරියරත්න විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරයි.
අතිරේක දඩ මුදලකින් තොරව මෙම දඩ පත්‍රිකා ගෙවීම සඳහා පොලිස්පතිවරයාගේ එකඟතාවයෙන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතිය යටතේ මෙම සහන කාලය ලබාදීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව ලබන 11 වනදා සිට 29 වනදා දක්වා මෙම සහන කාලය හිමිවනු ඇත.