ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි | සිළුමිණ

ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි

ඇස්. මහින්ද හිමියෝ, ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි ලෙසින් සාමාන්‍යයෙන් හැඳින්වෙති. සිකිම් මහින්ද හිමි යනු සිකිම් රාජ්‍යයේ උපත ලබා බ්‍රිතාන්‍යයෙන් ලංකාවට සංක්‍රමණය වී මහණ වූ බෞද්ධ භික්ෂුවකි. උන්වහන්සේ කවියෙකු සහ ගත්කතුවරයෙකු වන අතර සිංහල ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වී කටයුතු කර ඇත.

තරුණ වියෙහි ලංකාවට පැමිණි මහින්ද හිමි බෞද්ධ භික්ෂුවක් ලෙසින් පැවිදි බව ලැබීය. සිංහල භාෂාව ඉගෙනගත් උන්වහන්සේ කවියෙකු වී ඔවුන්ගේ නිදහස වෙනුවෙන් සටන් කරන මෙන් ලාංකිකයන් පොළඹවමින්, ස්වදේශාලය ඔවුන් සිත්වල කා වද්දමින් සාහිත්‍ය කෘතීන් කිහිපයක් බිහි කළේය. උන්වහන්සේ වර්තමානයෙහි ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙක් ලෙසින් සැලකෙයි.

සිකීම් පුණ්ණජි (තෂිනම්ගල්ගේ තෙවන සොයුරාගේ නම) හිමිගේ මිත්‍රයෙකු වූ ජර්මන් ජාතික ඤාණාලෝක හිමිගේ අවශ්‍යතාව මත සිකීම් පුණ්ණජි හිමියන්ට ලංකාවට වැඩම කිරීමට සිදු විය. එසේ සිකීම් පුණ්ණජි හිමියන් හා ජර්මන් ජාතික ඥාණාලෝක හිමියන් මඟින් කුඩා තෂිනම්ගල්ටද ලංකාවට පැමිණීමට සිදුවිය. ඒ එක්දහස් නවසීය දොළහ වර්ෂයේය. කුඩා තෂිනම්ගල්ට ලංකාවට පැමිණීම සිදු වූයේ ඒ අයුරිනි. දොඩම්දූවේ පොල්ගස්දූව ආරාමය මේ තිදෙනාගේම වාසස්ථානය විය.

මරදාන මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට සිංහල, පාලි, සංස්කෘත ආදී භාෂාවන්ද බුදු දහම හා න්‍යාය පත්‍රය වැනි විෂයන්ද ඉගෙන ගත් අතර. පසුව දොඩම් දූව ශෛල බිම්බාරාමයේදී තෂිනම්ගල් පැවිදි භාවයට පත්වන්නේ ටිබෙට් එස්. මහින්ද හිමි නමිනි. ශ්‍රී ලංකා අමරපුර නිකායට අයත් රත්ගම සිරි ඩුලසුමන හිමිගේ ශිෂ්‍යයෙකු ලෙස උන්වහන්සේ එදා පැවිදි බව දොඩංදූවේ ජිනරතන හිමියන්ගේ ඇසුරින් තම සහජ කථිකත්වය ඔප් නංවා ගත්තේය. ටිබෙට් එස්. මහින්ද හිමියන් මහා කවියෙකු බවට පත් කරන ලද්දේ දොඩංදූවේ ජිනරතන හිමියන්ගේ ගුරු හුරුකම් මඟිනි. ජිනරතන හිමියන් අප්‍රකට වුවත් දක්ෂ කවියෙකි.

ආර්.එම්. සශ්මික ප්‍රභාෂ්වර 
6 ශ්‍රේණිය ‘ඊ’ 
නාලන්ද විද්‍යාලය 
කොළඹ 10

Comments