
ලොව එකම විශ්ව ගම්මානයක්ව පවතින අද දවසේ දුරකථනය කියන්නෙ තාක්ෂණය තවත් දියුණු කිරීමෙහිලා වූ උපකරණයක්. බ්‍රිතාන්‍යයෙන් ඇරඹුණු පුනරුදයත් සමඟ කාර්මික විප්ලවය ඇති වූ නිසා එහි උසස් ප්‍රතිඵල ලෙස විශාල පන්නයේ නවීන උපකරණ රැසක් බිහිවුණා. මිනිසාගේ සිරවී තිබුණු සිතිවිලි නව මානයක් ලෙස විසිර යාම නිසා ඔවුන්ගේ නව ලෝකයක් කෙරෙහි වූ හීනය ඔවුනොවුන් තම දැනුම විසුරුවාලමින් මනස තුළ පහළ වූ තාක්ෂණික දැනුම භාවිතා කරමින් නිර්මාණය කළ නිර්මාණ අතර මිනිසාගේ අත්‍යවශ්‍ය උපාංගයක් ලෙසින් වූ ජංගම දුරකතනය ලොවට බිහි වුණි.
ලොව ප්‍රථම ජංගම දුරකතනය බිහි වූයේ 1973 වසරේදීය. ඒ MOTOROLA සමාගමේ සේවක MARTIN COOPER ගේ දැවැන්ත උත්සහයකිනි. මෙම කාලය වන විට වැඩි වශයෙන් තාක්ෂණය දියුණු නොවූ නමුත් එවැනි අඩු තාක්ෂණයක් පැවතියද කාර්යයන් පහසු කරගැනීමෙහිලා මිනිසුන් මෙම නිර්මාණය අගය කිරීමත් මිලදී ගැනීමටත් හුරු වෙමින් තිබුණා. Martin cooper විසින් නිර්මිත ජංගම දුරකතනයෙහි සාමාන්‍ය බර රාත්තල් 2 - 4 ත් අතර වුණා. එකල බිහිවූ ජංගම දුරකතනයෙහි බර මෙලෙස වැඩි වීමට හේතුව වී ඇත්තේ අදාළ පරිපථ පද්ධති විශාල සංඛ්‍යාවක් පැවතීමය. මෙම ජංගම දුරකතනයෙහි බැටරියේ කතා කාලය විනාඩි 20ක් තරම අඩු කාලයක් වන අතර එය ආරෝපණය කිරීම සඳහා පැය 10ක පමණ කාලයක් වැය වී තිබෙනවා. අද වන විට ජංගම දුරකතනයක සාමාන්‍ය කතා කාලය අවම පැය තුන හතරක් අතර පවතිනවා. එය ආරෝපණය කිරීමට ගත වන්නේ පැයක පමණ කාලයක් විතරයි.
තාක්ෂණය අතින් දියුණු ජංගම දුරකතනය ප්‍රථම වරට වෙළඳපොළට ඉදිරිපත් කළේ 1983 වසරේ ඩොලර් 3995 වැනි මිලකටයි. එහි බර රාත්තල් 1.1ක් වන අතර බැටරියේ කතා කාලය විනාඩි 30ක් වෙනවා. වත්මන වෙනකොට ජංගම දුරකතනය නැති කෙනෙක් නැති තරම්. ඒ කියන්නෙ හරි ඉක්මනට විදුලි වේගය වගේ මිනිසුන් තාක්ෂණය සොයා යනවා, තාක්ෂණයට නැඹුරු වෙනවා. ඒ දේවල් එක්ක තමන්ගෙ ජීවිතේ හදා ගන්නවා.
එච්.පී. නඳුනි චංචලා
12 ශ්‍රේණිය,
ග/මානවිල උපනන්ද ජාතික පාසල,
මානවිල - ගාල්ල