
සඳුන් කුසුම් පුයර වලට
බැහැ ජීවන සුවඳ දෙන්න
මුකුලිත සිතිවිලි දිවි මඟ
සවිය මකයි නොම සැලෙන්න
හැඟුම්වලට වහල් වෙලා
එපා උදක බොර කරන්න
කවි ලියන්නෙ නුඹට තමයි
මගෙ නංගියෙ මේ අහන්න
පාට පාට මල් ගොමුවල
සුවඳ හමන මුත් දස දිග
දිනෙක මලත් පරවෙන බව
නිතර නිතර සිහි කරන්න
හෙට ලොව දිනුමට ඔබ සතු
සවිය දිරිය නිති වඩන්න
ඔබට බාර මතු ලොව වෙත
නංගියෙ හිමිහිට වඩින්න
නෙත්මා දෙව්මිණි
11 ශ්‍රේණිය,
යශෝධරා බාලිකා විද්‍යාලය,
කොළඹ