සඳ ඇති රැයක | සිළුමිණ

සඳ ඇති රැයක

මිහිදුම් සේලේ දැවටී 
සඳ දෙව් ගුවනට වඩියි 
තරුපිරිවර සේනාවන් 
අහස් මැඳුර මුරකරයි

ඔලු නෙළුම් මානෙල් මල් 
මේ අඳුරේ නිදයි 
සේපාලිකා මල් හනිකට 
මුදු පෙති විදහා නටයි... 

අඬ අඳුරේ සඳ කිරණින් 
මිහිතලයම නැහැවිලා 
දිලිලෙසන තරු මුතු කැට 
ගුවන පුරා විසිරිලා

කුමුදු සමන් මල් සුවඳින් 
පරිසරයම සුවඳවෙලා 
රැයේ අසිරි සිරි බලන්න 
කඩුපුල් මල් ඇහැරිලා ...

පමදි නෙතුශා හෙට්ටිහේවා 
10 ශ්‍රේණිය 
සුජාතා විද්‍යාලය 
මාතර

Comments