තෙරේසා මවුතුමිය | සිළුමිණ

තෙරේසා මවුතුමිය

“අසරණ සරණ” මෙහෙවර සිහියට නැගෙන විට එක්වරම මතක් වන නාමය තෙරේසා මවුතුමියයි. ඇය උපත ලැබුයේ 1910 වර්ෂයේ දී, යුගොස්ලෝවියාවේ ස්කොප්පේ හිදී ය. ඇයගේ මුල් නම ඇග්නස් ගොන්සා බොජක්ෂු ය. 1928 දී ලොරේටෝහි කන්‍යා සොයුරියන්ට එකතු වුණු ඇය තෙරේසා යන නම ලැබීය. 1948 දී කන්‍යාරාමයෙන් ඉවත් වී අසරණ සරණය සඳහා ඉන්දියාවේ කල්කටාවේ මුඩුක්කු ගෙවල් ‍‍තෝරා ගත්තාය. ඉන්දියාවේ සිටි අන්ත දිළිඳු අසරණයින්ට මෙතුමියගේ සේවාව නොඅඩුව ලැබුණි. ඔවුන් එතුමිය හැඳින්වූයේ “මුඩුක්කු සාන්තුවරිය” යන නාමයෙනි. දිළිඳු අසරණ පිරිස් ඉතා බහුල වූ අතර ඔවුන්ට අවශ්‍ය සේවාව ද දැඩි විය. එහෙයින් මෙය තමාට තනිවම කළ හැකි කාර්යයක් නොවන බව එතුමිය වටහා ගත්තාය. එහෙයින් තවත් සොහොයුරින් කීප දෙනෙකු සමඟ එකතුව “කරුණාවේ දූත මෙහෙවර” නමින් සේවාවක් ආරම්භ කළාය. එහි මධ්‍යස්ථානය වූයේ ඉන්දියාවේ කල්කටා නගරයයි. වසර පනහකට පමණ පසුව මෙම සේවයට සොහොයුරියන් 3000 කගේ පමණ සහයෝගය ලැබිණ. මෙම සේවාව රටවල් සිය ගණනක ව්‍යාප්ත කරලීමට අවස්ථාව සැලසුණි. එම හේතුවෙන් තෙරේසා සොයුරිය මවුතුමිය නමින් ලොව පුරා හැඳින්වෙන්නට පටන් ගත්තේය.

මෙතුමිය 1952 දී “නිර්මල හරිදායි” නමින් අසාධ්‍ය රෝගීන් සඳහා නිවාසයක් පටන් ගත්තාය. එහිදී ඉතා අසාධ්‍ය ලාදුරු රෝගීන්ට ප්‍රතිකාර ලැබුණි. ලාදුරු, ඒඩ්ස් වැනි භයානක රෝග වැලඳී සිටි ‍රෝගීන්ට පවා එතුමිය සාත්තු කළාය. එතුමිය කළ අනගි මෙහෙය වෙනුවෙන් 1979 දී “නොබෙල් සාම තෑග්ග” හිමි විය. 1997 - 09 - 05 වැනි දින එතුමිය මෙලොවින් සමු ගත්තාය.

අනුත්තරා නිෂාදි ශෂිකලා

9 ශ්‍රේණිය

ගල්කිස්ස උසස් බාලිකාව,

ගල්කිස්ස

 

Comments