සමන් අතාවුදහෙට්ටි ලියූ නවතම චාරිකාලංකාර කෘතිද්වය හඳුන්වාදීම 21දා | Page 12 | සිළුමිණ

සමන් අතාවුදහෙට්ටි ලියූ නවතම චාරිකාලංකාර කෘතිද්වය හඳුන්වාදීම 21දා

සමන් අතාවුදහෙට්ටි විරචිත නවතම චාරිකාලංකාර කෘතිද්වය "සොඳුරු සැරිසර - රම්‍ය සාගරය දිගේ' සහ සොඳුරු සැරිසර- රතු බලකොටුව දිගේ' පාඨක සහෘදයන් වෙත හඳුන්වා දීමේ උලෙළ මෙමස 21 දා සවස 4.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලිකාවේදී පැවැත්වීමට නියමිත ය.

ඒ සොඳුරු සැඳෑව වර්ණවත් වන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය රෝහණ වීරසිංහ, විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන, බිම්සරා ප්‍රේමරත්න, රන්ජන් පෙරේරා, චන්දන තිලකරත්න, සුරේෂ් මාලියැද්ද, උරේෂා රවිහාරි හා සඳුනි විජේතුංග සහෘදය කලාකරුවන්ගෙනි. සුරස ප්‍රකාශනයක් ලෙසින් නිකුත් වන මේ ග්‍රන්ථද්වය නිකුත් වෙන සොඳුරු සැඳෑවට සහභාගී වන මෙන් සමන් අතාවුදහෙට්ටි සහෘදය ඔබට ආරාධනා කර සිටී.

Comments