බිග් බෑඩ් වුල්ෆ් තෙවැනි වරටත් කොළඹ දී | සිළුමිණ

බිග් බෑඩ් වුල්ෆ් තෙවැනි වරටත් කොළඹ දී

ඉංග්‍රීසි පොත් සඳහා 50% සිට 90% දක්වා සුවිශේෂි වට්ටම් ගෙන එන, ලොව විශාලතම පොත් ප්‍රදර්ශනය ලෙසින් ප්‍රකට “බිග් බෑඩ් වුල්ෆ්‘ පොත් ප්‍රදර්ශනය මෙම මස 18 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) පැවැත්වීමට නියමිතය. එය සතියේ දිනවල පෙ.ව. 10.00 සිට ප.ව. 10.00 දක්වාත්, සති අන්තයේ පැය 24මත් විවෘතව පවතී. තෝරා ගැනීමට මිලියන 1.5ක පොත් රැගෙන එන ප්‍රදර්ශනයට ඇතුළුවීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.

‘බිග් බෑග් චුල්ෆ් රැගෙන ලෝකය පුරා සංචාරය කිරීමේ අපේ ප්‍රධාන අරමුණ වුණේ කියවීමේ පුරුද්ද වැඩිකිරීම සඳහා තත්ත්වයෙන් උසස් පොත් මිලදී ගත හැකි ලෙස පාඨකයා වෙත ළං කිරීමයි. මිනිසුන් දැනුමෙන් බලගැන්වීමේ හා ප්‍රබෝධමත් කිරීමේ ශක්තිය පොතපතට තියෙනවා වගේම අපි බිග් බෑග් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය මගින් ඒ සඳහා වේදිකාවක් තියෙනවා.

පසුගිය දශකය තුළ බොහෝ ළමා පාඨකයන් ඔවුන්ගේ පළමු ඉංග්‍රීසි පොත බිග් බෑඩ් වුල්ෆ් වෙතින් මිලදී ගන්නවා අපි දැකලා තියෙනවා. දැන් ඔවුන් හොඳ කියවීමක් සහිත තරුණයන් බවට පත්වී සිටිනවා.

ලොව පුරා කියවීමේ පුරුද්ද සඳහා අත්වැල් සපයන සංවිධානයක් වීමෙන් බිග් බෑඩ් වුල්ෆ් ලොව පුරා ප්‍රසාදයට පත්ව සිටින ගමන්, තුන්වැනි වතාවට පුළුල් පරාසයක අලුත්ම අලුත් පොත් රාශියක් සමග එය යළිත් කොළඹට ගෙන ඒමට හැකිවීම ගැන අපි ඉතාමත් සතුටට පත් වෙනවා. ‘බිග් බෑඩ් වුල්ෆ්‘ නිර්මාතෘ ජැකලීන් Ng මාධ්‍ය හමුවේදී සඳහන් කළාය.

Comments