කව් ලැකියෙහි මුදුන් මල: කව්සිළුමිණ | සිළුමිණ

කව් ලැකියෙහි මුදුන් මල: කව්සිළුමිණ

දඹදෙණි යුගයට අයත් 'කව්සිළුමිණ' කව් ලැකියෙන් ලියවුණු විශිෂ්ටතම පද්‍ය කාව්‍යය වශයෙන් අවිවාදයෙන් පිළිගැනේ. මෙය සිංහල සාහිත්‍යයෙහි හමු වන මුල් ම මහා කාව්‍යය යි. එය ලියන ලද්දේ දඹදෙණි රාජධානියෙහි පන්සාළිස් වසක් රජ කළ දෙවෙනි පැරකුම්බා රජතුමා විසිනි. "කලිකල් සවැනි" (කලිකාල සර්වඥ) යන විරුද නාමය ද මේ රජතුමාට තිබිණ.

මේ කාව්‍යයට පාදක වූයේ 'කුස ජාතකය' යි. මුවදෙව්දා හා සසදා කවීන් මෙන් කව්සිළුමිණි කවියා ද මේ කතාව මුලින් ම මෙසේ පිඬු කොට දක්වයි:

රජ පැමිණි බෝසත් - සත් රජුනෙඩි මැඩ විසී

විසී තමා කරැ කලක් - කලක් දසරජ දම්නෙන්, (5 ගීය)

අනතුරුව එය විස්තර කරන ආකාරය මෙසේ දක්වයි:

ළද පියන් පියවුරු බිඳෙව් මෙදා දක්වා

පින් පියවුරු මඬලෙව් පිළි මෙහි විතර පානෙම් (6 ගීය)

කව්සිළුමිණ ගී 771 කින් යුක්ත මහා කාව්‍යයක් බැවින් කව් ලැකියෙහි එන තද්භව පද පිළිබඳ මනා අවබෝධයක් කවියා සතු වූ බව පෙනේ. නිදසුනක් වශයෙන් අනංගයා හැඳින්වීමට පමණක් තද්භව පද 14 ක් එහි යෙදෙන බව කිව හැකි ය. මෙසේ ය:

අනඟ උනඟ

නරඟ මලඟ

මද මදරද

මලවි මල්හී

මල්සර තුනුවග

කුසුම්කඩ කුසුම්සර

තුනුයොනා මල්කෙහෙහල්ලා

ගද්‍ය රචනයටත් කව් ලැකිය

සිංහල ලේඛකයෝ සාහිත්‍ය නිර්මාණයෙහි දී 'ලෙව් ලැකිය' හා 'කව් ලැකිය' යන භාෂා විලාස දෙක ඉතා සැලකිල්ලෙන් භාවිත කළහ. ගද්‍ය රචනය සඳහා 'ලෙව් ලැකිය' මෙන් ම 'කව් ලැකිය' ද පද්‍ය රචනය සඳහා 'කව් ලැකිය' පමණක් ද යොදා ගැනිණ. 'අමාවතුර' ලියූ ගුරුළුගෝමී පඬිවරයා ගද්‍ය රචනයට ද කව් ලැකිය යොදා ගත්තෙකි.

ගුරුළුගෝමීන් 'ස්වසන්තාන දමන' නම් පරිච්ඡෙදය ලියන විට එහි ඇතැම් ඡෙද ලෙව් ලැකියෙන් ද ඇතැම් ඡේද කව් ලැකියෙන් ද ලියා ඇත. පහත දැක්වෙන්නේ හුදු කව් ලැකියෙන් පමණක් ලියවුණු ගද්‍ය ඡේදයකි:

එකල්හි අප මහ බොසතාණො සරා වලා ගබක් සෙයින් සුදු ඇත් වෙසක් දක්වා එයට නුදුරු තන්හි එක් රන් ගලෙක් ඇති එගල්හි සැරැ එයින් බැසැ රිදි පව්වට නැඟී උතුරු දිසායෙන් අවුදු රිදි දමක් බඳු අතින් සුදු පියුමක් ගෙනැ රන් විමනට වැදැ මෑණියන් හොත් යහන තුන් යලක් පැදකුණු කොටැ දකුණු ඇළයෙන් කුසට වන්නවුන් වැනි වූහු. මෙසේ ඇසළ පුනු පොහොයැ උතතරසල නකතින් මවුකුසැ පිළිසිඳැ ගත්හු,

ඉන් අනතුරුව එන්නේ ලෙව් ලැකියෙන් රචිත ගද්‍ය ඡේදයකි.

ඔවුන් මවුකුසැ පිළිසිඳත් විගසැ එක පැහැරැ දසදහස් ලෝධා කම්පිත වියැග දසදහසක් සක්වළැ අපමණ ආලෝක වි යැ. එ ශොභා දක්නට කණහු ඇස් ලදහ. බිහිරහු ශබ්ද ඇසූහැ. ගොළුවො ගායනා කළහ. බන්ධනගත සත්ත්වයො බන්ධනයෙන් මුක්ත වූහැ. ප්‍රෙතයන්ගෙ සා පිපා සා සන්හිණ. තිරිසන් ගතියැ සත්නට භය නැති වි යැ. හැම සතුන්ගේ රෝග සන්හිනැග හැම සත්හු ප්‍රිය තෙපුල් ඇති වූහ; ඇත්හු සොම්නස්වැ ගර්ජනා කෙරෙති. සිංහයො නාද කෙරෙතිගහැම බෙරහු තම තමන්ගේ බෙර ධ්වනි වුවුටිහු...අකාල මේඝ නඟා වැසි වට. පක්ෂීහි ආකාශයෙන් යන ගමන් පීහැග ගංගාවෝ නොගොස් සිටිහයගගගගොඩෙහි පුෂ්පයෝ විකසිත වූහැ;

ගුරුළුගෝමීන් සිය 'ධර්මප්‍රදීපිකාවෙහි' 'සුළු කලිඟුදාව' ලියා ඇත්තේ කව් ලැකියෙනි.

 

Comments