මා ගිය විනෝද චාරිකාව | සිළුමිණ

මා ගිය විනෝද චාරිකාව

එදින පාන්දර 4.30 ට පමණ අපි ආරුගම්බේ බලා චාරිකාව පිටත් වුණෙමු. උදෑසන 6.00 ට පමණ කුරුණෑගල නගරය පසුකර කඳු, හෙල් නරඹමින් මහනුවර නගරය බලා ගියෙමු‍. ගමනේ අතරමඟදී අපි උදෑසන ආහාරය ගත්තෙමු.

ඉන්පසු වික්ටෝරියා ජලාශය සහ රන්දෙණිගල ජලාශය ද අපි නැරඹුවෙමු. අතු විහිදී ගිය උස ගස්, කටු පඳුරු සහ ලඳු කැලෑ අප යන මඟ දෙපස විය. බඩඉරිඟු වගාවන් ඈතින් දක්නට ලැබුණි. පාර දෙපස හරක් සහ එළු රංචු වශයෙන් දක්නට ලැබුණි. කුඩා ජලාශ දිය පහරවල් ද මඟදී දුටුවෙමු.

සවස ආරුගම්බේ වෙරළ සමීපයේ තිබූ නවාතැනට අපි පැමිණියෙමු. රෑ වන තුරු ම අපි වෙරළෙහි සිරි නැරඹුවෙමු. එදින රාත්‍රි මුහුදු මහා විහාරය වැඳීමට ගියෙමු. මුහුදු මහා විහාරය වැඳ අපි නවාතැනට පැමිණ, රාත්‍රී ආහාරගෙන නින්දට ගියෙමු. පසුදා උදෑසනින් ම අපි පාසිකුඩා වෙරළ නැරඹීම සඳහා පිටත් වුණෙමු.

එච්.ඒ. චනුමි ඔමෙත්මා

හඟවත්ත

4 ශ්‍රේණිය ‘බී’,

ඩඩ්ලි සේනානායක ආදර්ශ

මහා විද්‍යාලය,

මීරිගම

Comments