
අපේ ගෙදර
වැස්ස වහිනවා
සීතල සුළං හමනවා
සිසිල විදිනවා
සතුට ලබනවා....
අකුණු ගහනවා
විදුලි කොටනවා
ගොරවන කොට මහ සද්දෙන්
මල්ලි අඬනවා....
නැවක් හදලා මම
පා කර හැරලා
පාවි යන හැටි දැකලා
සතුටු වෙනවා ගී ගයලා.
පී. එන්. පසන් උවිඳු
7 ශ්‍රේණිය ‘බී’,
ශ්රාස්ත්රරවින්ද පිරිවෙන,
පොල්ගොල්ල