
මල්ලියෙක් ලැබුණු බව දැනගත් විට මම ඉමහත් සතුටට පත් වුණෙමි. මල්ලී බැලීමට රෝහලට ගිය පසු ඔහු මලක් මෙන් ලස්සනට තොටිල්ලේ සිනහ වෙමින් සිටිනු මම දුටුවෙමි.
ටිකෙන් ටික වැඩෙද්දී මගේ උකුළේ නැළවීමට මල්ලී දැක්වූයේ දැඩි ආශාවකි. මල්ලී ලොකු වූ පසු දඟ වූයේ ය. ඔහු මගේ පොත් ඉරා පෑන් පැන්සල් විසි කළ විට මා සැර වී තදින් පහරක් ගැසූ පසු ඔහු හැඬුවේ ය. මම ඔහු වඩා සිප වැලඳ ගත්තෙමි. මගෙ අතින් ආහාර කවා ගැනීමට මල්ලී දැක්වූයේ දැඩි කැමැත්තකි. මගේ මල්ලීට අකුරු කියවීමේ දවස ළඟා වුණි. තාත්තා මල්ලීට අකුරු කියෙව්වේ ය. මම ද අකුරු කියවීමට සහ ඉලක්කම් කියවීමට මල්ලීට උදව් කළෙමි. දැන් මල්ලී පෙර පාසල් යාමට ද සූදානම් ව සිටියි. මට පාසලේදීත්, යන හැමතැනකදීම මල්ලීව සිහිවේ. මම මගේ සුදු මල්ලියා හැමදාම ආදරයෙන් රැක බලා ගනිමි.
හිරුදිනී හසාරා වික්‍රමසිංහ
5 ශ්‍රේණිය,
විහාර මහාදේවි බාලිකා විද්‍යාලය,
කිරිබත්ගොඩ.