
මේ පාසල් නිවාඩු කාලේ යාපනය පැත්තෙ යන්න පුංචි ඔයාලා හිතාගෙන ඉන්නව නම් යාපනය බළකොටුව නැතිනම් යාපනය කොටුව පැත්තෙ යන්න අමතක කරන්න එපා. යාපනය බළකොටුව එහෙමත් නැතිනම් යාපනය කොටුව පිළිබඳ දකුණේ අයගෙ අවධානය වැඩි වුණේ උතුරේ යුද්ධයත් සමඟයි.
1618 දී පෘතුගීසි ජාතික පිලිප් ද ඔලිවේරා යටතේ ඉදිකෙරුණු මේ බළකොටුව අදටත් ශක්තිමත්ව පැවතීම පිළිබඳ නම් පුදුම වියයුතුයි. උතුරේ ත්රස්තවාදීන් වරින් වර කඩාවැදී මෙම බළකොටුව අල්ලා ගැනීමට උත්සාහ කර ඇත. එම හේතුව නිසා බළකොටුව ප්‍රතිසංස්කරණය කිරීම් අතරමඟ නැවතී තිබෙනවා. වර්තමානයේ ඒ අභියෝග කිසිවක් නැති නිසා යුද හමුදා නිලධාරීන් එහි අලුත්වැඩියා කටයුතු සිදුකරනවා.
පෘතුගීසි ජාතිකයින් මෙම බළකොටුව සකසා තිබෙන්නේ සතුරු ආක්රමණවලින් බේරෙන්න වගේම ඔවුන්ගේ යුද කටයුතු ශක්තිමත් කරන්න හිතාගෙනය. ඊට පස්සේ බළකොටුවේ අයිතිකරුවන් වුණේ ඉංග්‍රීසි ජාතිකයින්. ඔවුන් ඉතා හොඳින් ප්‍රතිසංස්කරණය කර මේ බළකොටුව ආරක්ෂා කළා. ඉංග්‍රීසි ජාතිකයින් 1795 දී අල්ලා ගත් මෙම බළකොටුවේ 1948 වසර තෙක් ඔවුන්ගේ බලය පවත්වා ගැනීමට කටයුතු කළා. තාරකා කොටුවක හැඩයෙන් යුතුව අක්කර 56 ක් වැනි විශාල ප්‍රමාණයකින් යුතු මේ බළකොටුව යාපනය නිරිතදිග අන්තයේ කළපුවට ආසන්නව ඉදිකර තිබීම නිසා එහි ඇති චමත්කාරය ඉහළයි. ලංකාවේ විශාලතම දෙවැනි බළකොටුව ලෙස සැලකෙන යාපනය කොටුවේ නිරිතදිග ප්‍රදේශයේ මුහුණතට හානි වූයේ ත්‍රස්තවාදී ප්‍රහාර නිසාය.
පී.ඒ. කවිෂ්ක නිලුමින්ද
9 ශ්‍රේණිය,
තිස්සමහාරාම ම.වි.,
තිස්සමහාරාමය