
මාත් මගේ මිතුරු මිතුරියනුත් එදින උදෑසනම බස් රියකින් මහනුවර බලා පිටත් වුණෙමු. අම්මා මගේ උදේ ආහාරය හා දවල් ආහාරය සකස් කර දුන්නාය. පළමුවෙන්ම අප ගියේ පින්නවල අලි අනාථාගාරය නැරැඹීමටය. අලින්ගේ සුරතල් දැක මම ඉතා සතුටට පත්වීමි. මීළඟට අපි මහනුවර දළදා මාලිගය වැඳ පුදා ගැනීමට ගියෙමු. එහි අපි එහි කෞතුකාගාරය ද නැරඹීමු.
දහවල් ආහාරය ගැනීම සඳහා අප ගියේ පේරාදෙණිය මල් වත්තටය. ආපසු එන ගමනේදී අපි සින්දු කියමින් සතුටු වීමු. නැවතත් එවැනි විනෝද ගමනක් යෑමට මම සතුටින් බලා සිටිමි.
රන්දි මෙත්නුලි බාලචන්ද්‍ර
3 ශ්‍රේණිය ‘ඩී’,
ශ්‍රී මේධංකර මහා විදුහල,
හොරණ