
උදෑසන නැගිටිනවිට ඉර පායා එනවා මම දුටුවෙමි. පාසල් යෑමට සූදානම් වෙද්දී මට මතක් වුණේ අප පාසල් නිවාසාන්තර ක්‍රීඩා උලෙළය. පාසලට යන විට පාසලේ උත්සවයක් මෙන් සරසා තිබෙනු මම දුටුවෙමි. ක්‍රීඩා උත්සවය ආරම්භ කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තම නිවාස කොඩිය රැගෙන ආචාර පෙළපාළියකින් ක්‍රීඩා පිටිය වටේ ගමන් කළහ. ක්‍රීඩා නායිකාව සහ නිවාස ක්‍රීඩා නායකයෝ ගිනි සිළුව රැගෙන ඉදිරියෙන් ගමන් කළහ. අවසානයේ පැවැති සරඹ සංදර්ශනය ඉතා අලංකාරය.
ක්‍රීඩා උත්සවය අවසානයේ දිනූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තෑගි පිරිනැමීම සිදුවූ අතර ළමෝ කෑ ගසමින් සතුට ප්‍රකාශ කළහ. දෙමාපියෝ ද ක්‍රීඩා උත්සවය නැරැඹීමට පැමිණ සිටියහ. ක්‍රීඩා උත්සවය ඉතාමත් චමත්කාරය.
අනුමි අනුජනා වීරසිංහ
8 ශ්‍රේණිය ‘බී’,
අනුර මධ්‍ය මහා විද්‍යාලය,
යක්කල.